සජිත් පිල නාය යෑම ඇරඹෙයි! 12ක් නැවත රනිල් පිලට පනින හැඩ!

May 25, 2020 at 5:22 pm | by emanisa.lk

සමගි ජනබලවේගයෙන් මෙවර මහ මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙකු යළි එක්සත් ජාතික පක්ෂයට එක්වීමට සූදානම් වන බව දේශපාලන ආරාංචි මාර්ග තහවුරු කරයි.

මේ අනුව එම මන්ත්‍රීවරුන් දැනටමත් රනිල් පිළ සමග සාකච්ඡා ආරම්භ කර තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු මෙන්ම කොළඹ, මහනුවර මාතලේ, රත්නපුර, බදුල්ල, මොනරාගල සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 07 දෙනෙකු ද මේ අතර වන බව වාර්තා වේ.

කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ද යළි එක්සත් ජාතික පක්ෂය හා එක්වීමට කැමැත්තෙන් පසුවන බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස