එජාප ශ්‍රීලනිප ජාතික ආණ්ඩුවට ජනපති අනුමැතිය! රංගෙලාට සහ ශ්‍රීලනිපයේ එජාප හිතවාදීන් පිරිසකට ඇමතිකම්!

March 24, 2019 at 7:03 am | by admin

එක්සත් ජාතික පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පකෂ ජාතික ආණ්ඩුවක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අනුමැතිය නැවත හිමිව ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසයි. මේ අනුව පාලිත රංගෙබණ්ඩාර ඇතුළු එජාප පිරිසකට ද ශ්‍රීලනිපයේ සිට එජාප ආණ්ඩුවට සහාය දැක්වූ මන්ත්‍රී පිරිසකට ද ඇමති ධුර හිමි වනු ඇති අතර ඇමති මණ්ඩලය පුළුල් වනු ඇත.

මේ වන විට ඇමති ධුර කිහිපයක් හොබවන ඇමතිවරුන්ට සිය ඇතැම් තනතුරු නැවත ලබා දීමට සිදුවනු ඇතැයි අගමැතිවරයා ඔවුන්ට දැනුම් දී තිබේ. දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ මනෝ ගනේෂන් හැර කිසිවකු ඊට එරෙහි වී නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *