ලංකාව නැවත ආර්ථික කටයුතු ආරම්භ කිරීම හොඳයි! ඕනෑම උදව්වක් කරන්න අපි සූදානම්! – චීන ජනපති කියයි…

May 14, 2020 at 9:18 am | by emanisa.lk

චීනය සහ ශ්‍රී ලංකාව කොරෝනා වෛරසය වැළැක්වීම සහ පාලනය කරමින් රටේ විවිධ ක්ෂේත්‍රවල සිදුකෙරෙනා සංවර්ධන කටයුතු යළි ආරම්භ කිරීම සුදුසු බව චීන ජනාධිපති ෂී ජින් පිං යෝජනා කරයි.

චීන ජනාධිපතිවරයා ඊයේ (13) රාත්‍රියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග සිදුකළ දුරකථන සංවාදයකදී මේ බව ප්‍රකාශ කළ බව Xinhua ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

කොරෝනා වෛරසයට එරෙහිව චීනය මුහුණදී තිබු තීරණාත්මක මොහොතක ශ්‍රී ලංකා සමාජයේ විවිධ කොටස් තම රටට ලබාදුන් ක්‍රියාකාරී සහය සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයා මෙහිදී කෘතඥතාව පළ කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ශක්තිමත් නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය දැඩි ලෙස පාලනය පාලනය කර ඇති බවත් අවශ්‍ය ඕනෑම මොහොතක ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට චීනය ඉදිරිපත්වන බවත් මෙහිදී ජනාධිපති  ෂී ජින් පිං ප්‍රකාශ කර ඇත.

මුල් අවධියේදීම ශ්‍රී ලංකාවේ ජනතාව කොරෝනා වසංගතය පරාජය කරනු ඇතැයි චීන ජනාධිපතිවරයා මෙහිදී සිය විශ්වාසය පළ කොට ඇති බව ද  Xinhua ප්‍රවෘත්ති සේවය වැඩිදුරටත් වාර්තා කර ද .

වසංගත සමයේදී තම පුරවැසියන් රැකබලා ගැනීම පිළිබඳවචීන ජනාධිපතිවරයා මෙහිදී  ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට ස්තූතිය පුද කළ අතර, තම රටේ සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍යය සහතික කිරීම සඳහා සිය රජය අඛණ්ඩව කටයුතු කරන බවට ද සහතික කොට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස