රාජපක්ෂලා හම්බන්තොට වරායයි පෝර්ට්සිටියයි චීනෙට වික්කා! අපේ ආණ්ඩුව අමාරුවෙන් නිදහස් කරගත්තා! – තලතා

August 16, 2019 at 9:47 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් කිරීමට අවශ්‍ය පසුගිය යුද සමයේ ආයුධ වෙළඳාම් කර පොහොසතුන් වූ අය බවත් ඔවුන් ගම්වලට පැමිණ මුදල් බෙදා දිය හැකි බවත් අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ සඳහන් කරයි.

අමාත්‍යතුමිය මෙම අදහස් පළ කළේ ගම්පෙරළිය සංවර්ධන සංග්‍රාම වැඩපිළිවෙළ යටතේ‍ ඉදි කළ මාර්ගයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරිය ,

“රාජපක්ෂ පවුලෙන් තොරව අද මේ රටට වෙන වැඩක් නැද්ද. ඇයි මේ වහල්කමට වගේ .මොකක්ද මේ වේදිකාවේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නම් කරන වේදිකාව තියෙන්නේ මොකක්ද මැද මුලන. එතකොට දැන් මේ රට වෙලා ගන්න ඕන මැදමුලනයි. වෙන කිසි කෙනෙකුට මේකේ අයිතියක් නැහැ. ගම්වල ඉන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ලැජ්ජා වෙන්න ඕන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මැදමුලනද. ඒක ඇවිල්ලා හොර පවුලක් හොරු ටිකක් බිහි කරපු ධනවතුන් වෙනුවෙන් පෙනී හිටපු කණ්ඩායමක් තමයි ගෝඨාභය රාජපක්ෂලා. අපි ඒවා හෙට අනිද්දා හරියටම කියනවා.

අපි තාම අපේ පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය පටන් ගත්තේ නැහැ. අපේ පක්ෂයේ ක්‍රමය තමයි මැතිවරණය ප්‍රකාශයට පත් කළායින් පස්සේ අපේ පක්ෂයේ අපේක්ෂකයා අපි ඉදිරිපත් කරනවා. එදාට ඔය කාගෙත් පැටිකිරිය කොහොම ද කියලා අපි කියලා දෙන්නම්.

අද මේ පුද්ගලික මාධ්‍යයට ලොකු කැක්කුමක් තියෙනවා. මොකද රාජපක්ෂ මහත්තයා දිනවන්න ඕන. තමන්ගේ මල්ල පුරවා ගන්න. අපි අහනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා යුද්ධය කාලේ මේ රටට ගෙනාව අවි ආයුධවලින් කී දෙනෙක් පොහොසත් මිනිස්සු හැදුවද. තමුන්නාන්සේලා මතක තියාගන්න ගම්ගානේ ඇවිල්ලා සල්ලි බෙදන්න ඉඩ තියෙනවා. අපේ අයට ඉතිහාසය මතක තියෙන්නේ දවස් හතයි කියලා කවුද කියලා තියෙනවානේ. මම ඔබතුමාලාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා මූණත් එක්ක තරහා වෙලා නහය කපා ගන්න එපා කිව්වා වගේ මේ රටේ අනාගතය විසදෙන මැතිවරණය මේක.

මේ මැතිවරණයේදී අපේ ජීවිත පරිත්‍යාගයෙන් හරි අපි එක්සත් ජාතික පක්ෂයේ අපේ අපේක්ෂයා ජයග්‍රහණය කරවනවා කියන එක මම මේ අවස්ථාවේ මතක් කරනවා. අපි මේ මැතිවරණයේදී ජයග්‍රහණ කරනවා. අපි භාග ආණ්ඩු අරගෙන කෙනෙහෙළිකම් මැද්දේ උපරිමයක් අපි කර ගෙන ගියා. මහ මැතිවරණයක් ගැන කථා කරන්නේ පස්සේ. දැන් තියෙන්නේ ජනාධිපතිවරණයක්. ඒක තියෙන්නෙත් පස්සේ . සමහර අය මුහුද හත් ගවුවක් තියලා අමුඩ ගැහුවට අපිට කරන්න දෙයක් නැහැ. ඒක තියෙන වෙලාවට තියෙනවා. සමහර අය හිතුවේ ආණ්ඩුවක් කිවුහම මැජික් පෙන්වනවා කියලා. ආණ්ඩුවක් වුණහම මැජික් පෙන්වන්න බැහැ. මෙතන ඉන්න ඔබ සියලුම දෙනාම හොදින් අවබෝධ කර ගන්න ඕන මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් මේ රට භාර ගත්තේ බිලියන දහ දාහක ණයක් එක්කයි. ඒ ණයේ පළවෙනි වාරිකය ගෙවුවේ මේ ජනවාරි මාසයේ. තව ණය ගෙවන්න හරියට පටන් අර ගෙන නැහැ. ඒ ගෙවන්න තිබුණ ණයෙන් වැඩි හරියක් ගෙවන්න අගමැතිතුමාට පුළුවන් වුණා.

අර හම්බන්තොට වරාය චීන්නුන්ගේ ඇගේ ගහලා අවුරුදු පනහකට හැටකට. අර කොළඹ මුහුදු නගරය හදන භූමිය සින්නක්කරම දීලා තිබුණා. ඒක අපි ගත්තා‍. අපි ගොඩාක් අමාරුවෙන් ආණ්ඩුව හැදුවේ. ආණ්ඩුව අර ගෙන මාස තුනෙන් කුණු කන්ද කඩා වැටුණා. ගිය අවුරුද්ද වෙන කොට මහින්ද රාජපක්ෂ මහත්තයාට අගමැති ජනාධිපති වෙන්න තියෙන හීනය නිසා අපි පත් කරපු ජනාධිපතිතුමාත් එක්ක එකතු වෙලා ප්‍රජාතන්ත්‍රවාදීව ලේ බිංදුවක් හොල්ලන්නේ නැතිව පත් කරපු ආණ්ඩුව ගන්න හැදුවා. ආයේ නම් පිට එක්කෙනෙකුට ඡන්දය දෙන්නේ නැහැ කියනවා. ඔබ වගේ තමයි මමත්. 2010 මෝඩ වැඩක් කළා. 2015 මෝඩ වැඩක් කළා. අනිවාර්යයෙන්ම මේ සැරේ අපි සජිත් ප්‍රේමදාස මහත්තයාව කොහොම හරි ගන්නවා. ඒ ගැන ඔය ගොල්ලෝ සැකයක් තියා ගන්න එපා. අපේ අගමැතිතුමා හොඳයි .එතුමාට තියෙන නායකත්වය එතුමාගේ පරිණත බව අපි අගය කරනවා. ප්‍රේමදාස ජනාධිපතිතුමා තමයි නැති බැරි අය ඇති හැකි අය අඩු ආදායම් ලාභි අය නංවන්න කටයුතු කරන්න ඕන කියලා වැඩ කළේ. ඒ මතයේ මමත් ඉන්නවා” යැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස