නෙළුම් කුලුනින් චීන සමාගමක් බිලියන 02ක් වංචා කළ කතාව බොරුවක්! ශ්‍රී ලංකා නියෝජිතයා ALIT සමාගමේ දී එහි සභාපති සමග සාකච්ඡා කළ ඡායාරූපය මෙන්න…- එවක විදුලි සංදේශ කොමිසමේ අධ්‍යක්ෂ ජනපතිට කට උත්තර නැති කරයි….

September 16, 2019 at 10:09 pm | by emanisa.lk

නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව අත්තිකාරම් ලෙස චීන ALIT නම් සමාගමට රු. බිලියන 02ක් ලබා දුන් බවට කළ ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නොමැති බව එවක විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට පවසයි.

ජනාධිපති ප්‍රකාශ කළේ 2016 වසරේ සිය තානාපතිවරයා අදාළ සමාගමේ ලිපිනය සඳහන් ස්ථානයට ගිය ද එවැනි සමාගමක් එහි නොමැති බවය. ඔහු මේ බව ප්‍රකාශ කළේ නෙළුම් කුලුන විවෘත කිරීමේ උළෙලට අද (16) එකතු වෙමිනි.

කෙසේ වුවද එවැනි සමාගමක් නොමැති බවට සහ එහි ව්‍යාජ ලිපිනයක් ලබා දී ඇති බවට සිදු කළ ප්‍රකාශ ජනාධිපතිවරයා කරුණු නොදැන සිදු කළ ප්‍රකාශ බව පවසන අනූෂ පැල්පිට අදාළ සමාගමේ සභාපති ශ්‍රී ලංකා ටෙන්ඩර් මණ්ඩල සභාපති ගෝඨාභය ජයරත්න සමග සාකච්ඡා කරන පින්තූරයක් ද පළකර තිබේ.

ඔහු සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සම්පූර්ණ සටහන මෙසේය.

නෙළුම් කුලුන විවෘත කිරීමේදී ජනාධිපතිතුමා විසින් බිලියන 2ක අත්තිකාරම් මුදලක් ALIT සමාගමකට ගෙවා ඇතත් එවැනි සමාගමක් චීනයේ නොමැති යැයි කීම නිවැරදි තොරතුරු ලබා ගැනීමකින් තොරව ප්‍රකාශ කර ඇති බව පැහැදිලි වේ.

නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමග චීන සමාගම් දෙකක් ඒකාබද්ධ වී කටයුතු කරන ලදී. එම සමාගම් දෙක නම් national electronics import and export corporation (CEIEC)සහ aerospace long march international trading company (ALIT).

සමාගම් දෙකට ඉදිකිරීම සඳහා 2010 ඔක්තෝම්බර් 29 වෙනි දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. නෙළුම් කුලුනේ ඉදිකිරීම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා චීනයට ගිය අවස්ථා කිහිපයකදීම ALIT සමාගමේ සභාපතිවරයා ඇතුළු සමාගමේ අනිකුත් සාමාජිකයන් සමඟ මොරටු විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් සහ ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයන් ද සාකච්ඡා කර ඇත.

මේ පිළිබඳ සියලු දත්ත විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සතුව ඇති බව මම දනිමි. එහි නිලධාරීන් විසින් මෙය නිවැරදි කළ යුතු ඇත.

ALIT සමාගමේ සභාපතිවරයා සමග එවක ටෙන්ඩර් මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය ජයරත්න සමඟ චීනයේ බීජිං නුවර ALIT ප්‍රධාන කාර්යාලයේ සාකච්ඡා කරන අවස්ථාවේ ගත් ඡායාරූපයක් ද මෙහි පළ කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස