ප්‍රසන්න රණවීර පෙන්නා සැඟවූ අගමැති මහින්දගේ ඉන්දීය සංචාරයේ ප්‍රතිඵල මෙන්න!

February 11, 2020 at 9:51 pm | by emanisa.lk

The Hindu පුවත්පතේ සුහාෂිණී හාඩියාර් සමඟ අගමැති මහින්ද රාජපක්ෂ සිදුකළ කතාවේ සාරාංශය පහත දැක්වෙයි.

– අපි ත්‍රිකුණාමල (තෙල් ගබඩා) ව්‍යාපෘතිය ගැන සාකච්ජා කලේ නෑ.

– ඉන්දියාව සහ ජපානය එක්ව ආයෝජනය කරන කොළඹ නැගෙනහිර සහ LNG පර්යන්ත ගැන සාකච්ජා කලා.

– පසුගිය රජය අත්සන් කල පසුගිය ජනාධිපතිවරයා විසින්ම අවලංගු කල ව්‍යාපෘති ගැන අපට වගකියන්නට බෑ.

– මත්තල ගුවන්තොටුපල ඉන්දියාවට පැවරීමේ ව්‍යාපෘතිය අපි ඉදිරියට ගෙනියන්නේ නෑ.

– ජාතික සම්පත් විදේශ පරිපාලනයට නතු කිරීම අපේ රජයේ ප්‍රතිපත්තිය නෙමෙයි.

– පාස්කු සිද්ධිය ගැන මේ වන විට ගැඹුරු විමර්ශනයක් සිදුවනවා. එයට ඉන්දියාවේද සහය අපිට හිමි වෙනවා.

– ඉන්දීය බුද්ධි අංශ සමඟ බුද්ධි තොරතුරු, තාක්ෂණය සහ පුහුණුව හුවමාරු කරගන්නවා.

– අප සෑම රටක් සමඟම මිත්‍රශීලි රටක්. පකිස්ථානයත් චීනයත් ඒ අතර ඉන්නවා. ඉන්දියාවේ බැඳීමත් ඉතා ශක්තිමත් වගේම අපට බොහෝ වටිනවා. ඒ වගේම SAARC, BIMSTEC මේ හැම එකක්ම අපිට එක වගේ වැදගත්.

– 13වෙනි සංශෝධනයට වඩා දෙමළ ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න අපිට දෙමළ දේශපාලන පක්ෂ අවශ්‍යයි. ඒ නිසා ඉක්මණින්ම මහා මැතිවරණයක් පවත්වා ඔවුන් තොර ගත යුතුයි.

– 19වෙනි සංශෝධනය අනුව ඔබත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂත් අතර ගැටුමක් නැද්ද? කොහෙත්ම නෑ. මේ ව්‍යවස්ථා සංශෝධනය නිසා ඇති අර්බුදය කළමනාකරණය කරගන්න පුළුවන් මමත් ගෝඨාභයත් වගේ සහෝදරයන් දෙදෙනෙක්ටම විතරයි.

– දෙමළ භාෂාවෙන් ජාතික ගිය නොගැයිම ප්‍රශ්නයක් නේද? ලෝකය පුරාම බැලුවොත් එක් භාෂාවකින් පමණයි ජාතික ගීය ගයන්නේ. ඔබේ රටෙත් (ඉන්දියාවේත්) එහෙම නේද?

ඒම සංචාරයට අදාළ දූත පිරිස තිරුපති වැඳීම වැනි පුංචි පුංචි කාරණා වෙත අධි සංවේදී බොහෝ දෙනෙකුට, චීන පකිස්තානු විදෙස් සබදතා, ජාතික ගීය එක භාෂාවකින් ගැයීම, රටේ සම්පත් විකිණීම ආදී කරුණු සම්බන්ධව මහින්ද රාජපක්ෂ දැක් වූ සෘජු ස්ථිරසාර දේශපාලන ප්‍රතිචාරය නෙත නොගැටීම හරි පුදුම සිද්ධියකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස