දෙමළ ජනතාවට 13 බලාත්මක කොට පළාත් සභා ශක්තිමත් කරන්න ඕන!

January 30, 2019 at 11:57 am | by admin

අමාත්‍ය මනෝ ගනේෂන් රැස පුවත්පත සමග පැවැත් වූ සාකච්ඡාවක දී දෙමළ ජනතාවට අවශ්‍ය දේශපාලන විසඳුම කුමක් දැයි විමසූ විට මෙසේ පිළිතුරු දී තිබේ.

“දැනට අපි ළඟ තියෙනවා පළාත් සභා යාන්ත්‍රණයක්. පළාත් නවයක් තියෙනවා. මේ නවය වෙනස් වෙන්නේ නෑ. මේ කිසිම පළාතක් එකතු වෙන්නේ නෑ. ඒ වගේ මේ රටේ ෆෙඩරල් කියලා අපි හඳුනාගෙන ඉන්න ව්‍යවස්ථාවක් එන්නෙත් නෑ. ඕනෙත් නෑ. ෆෙඩරල් ගේන්න මේ රට පොඩි වැඩියි.

අනෙක් එක බුදුදහමට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන අවස්ථාව දීලා තියෙනවා. සෑම ආගමක්ම සමානයි කියලා කියනකොට ඒක වැරදියි තමයි. නමුත් බුද්ධාගම මම නම් දකින්නේ ආගමක් හැටියට නෙමෙයි. ඒක මාර්ගයක්. එහෙම නැත්නම් දර්ශනයක්. ඉතින් තමුන් සිංහල බෞද්ධ යැයි කියාගෙන ඉන්න සමහර අයට කිසිම අවබෝධයක් නෑ මේ ගැන. ඒක ඒගොල්ලන්ගේ වැරැද්ද. බෞද්ධ දර්ශනයේ වැරැද්ද නෙවෙයි. ඒ දර්ශනය අපේ රටේ ප්‍රධාන දර්ශනයක් හැටියට පිළිගන්නවා නම් හොඳයි.

අපි ඒකීය ලංකාව තුළ විසඳුම් හොයාගන්න ඕනේ. පුළුවන්, බැරිකමක් නෑ. අපි ඉස්සරහට යනවා. රට කඩන්න කඩන්න අපි හදනවා. ඒ මට්ටමෙන් අපි

13 වැනි සංශෝධනය ගේනවා. පළාත් සභා ක්‍රමය ශක්තිමත් කරමු. එච්චරයි මගේ විසඳුම.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *