නව ඇමති මණ්ඩලයේ මුස්ලිම් ඇමතිවරු නොමැති බවට චෝදනා!

November 22, 2019 at 10:26 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ නිදහසින් පසු මුස්ලිම් නියෝජනයක් නොමැති මුල්ම කැබිනට් මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (22) පත් කළ කැබිනට් මණ්ඩලය බවත් එය රටට හොඳ නැති බවත් එජාපයට සම්බන්ධ වෙබ් අඩවි ප්‍රචාරයක් දියත් කර තිබේ.

එයට හේතුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ මුස්ලිම් මන්ත්‍රීවරයකු නොමැති වීම සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මුස්ලිම් පක්ෂ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වීම බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

දශක ගණනාවක් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි පසුගිය දින 52 ආණ්ඩුව සමයේ එජාපයට සහාය පළ කළ අතර එම සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සිටියි.

කෙසේ වුවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලා, ජනාධිපති නීතිඥ අලී සාබ්රි, මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හසන් අලී, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බෂීර් සේගුදාවුද්, ඇතුළු මුස්ලිම් නායකයන් විශාල පිරිසක් ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා සහාය දැක්වූ අතර අන්තවාදය ප්‍රතික්ෂේප කළ ඔවුන් අතරින් පිරිසකට ඉදිරියේ දී මැති ඇමති ධුර ඇතුළු විවිධ වගකීම් පැවරෙනු ඇත.

මේ වන විටත් බස්නාහිර හිටපු ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසාම්මිල් වයඹ පළාත් ආණ්ඩුකාර ධුරයේ දිවුරුම් දී තිබේ. ඩග්ලස් දේවානන්ද සහ ආරුමුගම් තොණ්ඩමන් යන දෙදෙනා 15 දෙනෙකුගෙන සමන්විත කැබිනට් මණ්ඩලයේ දෙමළ ජනතාව නියෝජනය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස