එජාපය ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් කල්ලි ගැහිලා කුළල් කාගන්නවා! – ඇමති මනෝ

July 17, 2019 at 12:25 am | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ යුතු අපේක්ෂකයා කවුරුන්ද යන ප්‍රශ්නය පදනම් කරගෙන දැන් එක්සත් ජාතික පක්ෂය තුළ කල්ලි බෙදී කුළල්කා ගන්නා බව අමාත්‍ය මනෝ ශනේෂන් පවසයි.

පක්ෂය තුළ වෙන් වෙන් වශයෙන් න්‍යාය පත්‍ර සහිත කණ්ඩායම් එකිනෙකා අතර ගැටුම් ඇතිකර ගනිමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණක් බිහිවූයේ ද මෙවන් ප්‍රශ්න නිසා බව පැවසූ ඇමතිවරයා එවන් තැනකට එජාපය පත් නොකරන ලෙස තමන් බිම්මට්ටමේ සාමාජිකයින් වෙනුවෙන් නායකත්වයෙන් ඉල්ලා සිටින බවත් සඳහන් කළේය.

මනෝ ගනේෂන් මහතා මේ බව පැවසුවේ කොළඹදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස