අද දේශපාලන පෙරළියක්!

July 11, 2019 at 12:24 pm | by emanisa.lk

අමාත්‍ය මනෝ ගනේෂන් සිය ෆේස්බුක් ගිණුමටදෙමළ බසින් එක්කළ සටහනකින් පවසන්නේ අද පස්වරුවේ දේශපාලන සිදුවීමක් සිදුවිය හැකි බවය.

අද පස්වරුවේ ඇතිවිය හැකි දේශපාලන සිදුවීම කුමක්දැයි යන්න පිළිබඳව බොහෝ දෙනෙකු මේ වන විට අවධානය යොමු කර තිබේ.

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීමද අද පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබේ.

ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට එරෙහිව ඡන්දය භාවිත කරන බව තහවුරු කර ඇති අතර ආණ්ඩුවේ දැනට සිටින්නේ මන්ත්‍රීවරු 103 දෙනෙක් පමණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස