මේ රටේ ඉතිහාසය සිංහල බෞද්ධ විතරක් නෙමේ! ජාතික ඒකාබද්ධතාව විනාශ කරන්න ආගමික නායකයන්ට ඉඩදෙන්නේ නෑ! – මනෝ ගනේෂන් කාදිනල්තුමාටත් උඩින් යයි.. (video)

May 27, 2019 at 4:48 pm | by admin

රටේ ඉතිහාසය සිංහල බෞද්ධ පමණක් යැයි කීම නිසා රටේ ත්‍රස්තවාදය ඇති වූ බව ඇමති මනෝ ගනේෂන් පවසයි.

නැවත එතැනටෙ රට රැගෙන නොයන ලෙස වගකිව යුතු රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලකයන්ගෙන් ඉල්ලා සිටින බව හෙතෙම සඳහන් කරයි.

බෞද්ධ හින්දු ආගම් අතර බොහෝ සමානතා ඇති බවත් ඒ දෙපිරිසට හෝ සමගියෙන් කටයුතු කළ නොහැකි නම් රටක් ලෙස ඉදිරියට යාමට නොහැකි බව හෙතෙම පෙන්වා දෙයි.

බෞද්ධ හින්දු කතෝලික ඉස්ලාම් සියලු දෙනා එකට කටයුතු කළ යුතු බවත් මුලින්ම බෞද්ධ හින්දු දෙපිරිස එකට කටයුතු කළ යුතු බවත් පැවසූ ඇමතිවරයා ජාතික ඒකාබද්ධතාව ගොඩනැඟීමට දේශපාලකයන්ට ආගමික නායකයන්ට හෝ රාජ්‍ය නිලධාරීන්ට බාධා කිරීමට ඉඩ නොතබන බව ද අවධාරණය කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස