රිෂාඩ් ඇමතිතුමා සල්ලි හොයන විදිහ මමවත් දන්නේ නෑ! ඊළඟ අවුරුදු පහේ මුළු වන්නියම දියුණු කරනවා! – අගමැති

August 15, 2019 at 8:03 am | by emanisa.lk

ඇමති රිෂාඩ් බදුර්දීන් වන්නි දිස්ත්‍රික්කය මූලික කරගෙන සංවර්ධන කටයුතු රැසක් සිදු කරන බවත් රිෂාද් බදුර්දීන් ඒ සඳහා ඇමතිවරයාට මුදල් ලැබෙන්නේ කෙසේද කියා තමන් නොදන්නා බවත් අගමැති රනිල් වික්‍රමසිංහ අද (14) වවුනියාවේදී ප්‍රකාශ කළේය.

රිෂාඩ් බදුර්දින් අමාත්‍යවරයාගේ ආරාධනාවෙන් වන්නි දිස්ත්‍රික්කයේ උත්සව කිහිපයකටම අගමැතිවරයා සහභාගි වූයේ ය. එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මෙම ප්‍රදේශය මූලික කර ගෙන රිෂාඩ් බදුර්දින් අමාත්‍යවරයා විශාල සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ම ජනතා අයිතියට පත්කර ඇති බවයි.

පසුගිය ආණ්ඩුව කාලයේ සිදුවූයේ පාරවල් සෑදීම පමණක් බවත් වර්තමාන ආණ්ඩුව යටතේ එසේ නොව සෑම අංශයකින්ම උතුර සංවර්ධනය වන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදරටත් ප්‍රකාශ කළේය.

අධ්‍යාපනය සහ සෞඛ්‍ය නංවාලීම සඳහා තමන් ප්‍රමුඛතාව ලබා දෙන බවත් ඊළඟ අවුරුදු පහේදී මුළු වන්නි දිස්ත්‍රික්කය පුරා විශාල සංවර්ධනයක් කිරීමටත් තමන් බලාපොරොත්තු වන බවත් අගමැතිවරයා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස