මේ ආණ්ඩුවෙන් දිනාගන්න බැරිවුණ දේවල් සජිත්ගේ ආණ්ඩුවෙන් දිනාගන්නවා! අපේ සහාය එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාසටයි! – සමන් රත්නප්‍රිය

October 9, 2019 at 12:10 am | by emanisa.lk

තමන් එළඹෙන ජනාධිපතිවරණයේ දී එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය ලබා දීමට තීන්දු කර ඇතැැයි පුරවැසි සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය අද (08) පැවසීය.

“2015 දී අපි යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමට දායකත්වය ලබාදුන්නා. ඒ ආණ්ඩුව හදාගෙන අපි යන්න බලාපොරොත්තු වුණ ඉලක්ක බොහොමයි. ඒත් ආණ්ඩුවට ආණ්ඩුවේ ඉලක්කවලටවත්, ජනාධිපතිට ජනාධිපතිගේ ඉලක්කවලටවත්, පුරවැසියන් ලෙස අපට අපේ ඉලක්කවලටත් මේ පාලන කාලය තුළ යන්න බැරි වුණා.

2015ට පෙර තිබූ මහින්ද රාජපක්ෂ පාලන කාලය කියන්නේ ඉතිහාසයේ තිබූ නාස්තිකාරම වියදම් කරපු කාලයක්. සංවර්ධනය මුවාවෙන් රටේ සල්ලි, ජනතාවගේ සල්ලි නාස්ති කළා. අදහස් දැක්වීමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය උදුරා ගත්තා. සුදුවෑන් සංස්කෘතියක් ඇති කර ජනතාව භීතියට පත් කළා.

පහුගිය දවස්වල රණවිරුවන්ගේ විරෝධතාවක් තිබුණා. ඇත්තටම මේකේ වරද තියෙන්නේ කොතනද? යුද්ධය අවසන් වෙලා වසර හයක් ගත වෙනකල් බලයේ හිටියේ මහින්ද රාජපක්ෂලා. ඒ කාලයේ ඔවුන් මේ ප‍්‍රශ්නය විසඳුවේ නැහැ. දැන් ඒක මේ ආණ්ඩුවේ පිට දාන්නයි ඔවුන් උත්සාහ කළේ.

අපි විශ්වාස කරනවා අපිට මේ ආණ්ඩු කාලය තුළ විසඳාගන්න බැරි වුණ දේවල් සජිත් ප්‍රේමදාසගේ පාලනයකින් දිනාගන්න පුළුවන් වෙයි කියලා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස