ඌරුබොක්කේ ව්‍යාපාරිකයෙක් සුදු වෑන් රියකින් පැහැර ගනී! 2019 වසරේ පැහැර ගත් 23 වෙනියා ඔහුයි!

September 19, 2019 at 12:07 pm | by emanisa.lk

ඌරුබොක්ක, බෙරලපනාතර ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු අද (19) උදෑසන පැහැර ගෙන ගොස් තිබේ.

එලෙස පැහැර ගැනීමට ලක්ව ඇත්තේ ඌරුබොක්ක, බෙරලපනාතර, දෙව්ලියවත්ත පාර ප‍්‍රදේශයේ පදිංචි සුරංග ලක්මාල් එදිරිසිංහ නැමැති දෙදරු පියෙකි.

ඔහු සිය යතුරු පැදියෙන් ඌරුබොක්ක දෙසට ගමන් කරමින් සිටින අවස්ථාවේ මෙලෙස පැහැර ගෙන තිබේ. ඔහු ව්‍යාපාරිකයකු මෙන්ම බෙරලපනාතර විවිධ සේවා සමූපකාරයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු බව ද පැවසෙයි.

අද උදැසන 6.30 ට පමණ අංක තහඩු නොමැති සුදු වෑන් රථ දෙකකින් පැමිණි පිරිසක් එම ව්‍යාපාරිකයා පැහැර ගෙන ඇත.

පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

 2019 වසරේ මුල් මාස 6 තුළ 22 දෙනෙකු අතුරුදන් වී ඇතැයි පොලිස් වාර්තා සඳහන් කරන අතර ඒ අතරින් තිදෙනෙකු හමු වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස