රණවිරු සටන පාවදෙන්න කෝටි ගණන් සල්ලි විසිකර සජිත්-රාජිත රණවිරුවන් බිලී බෑ හැටි මෙන්න! (video)

November 10, 2019 at 12:12 pm | by emanisa.lk

ආබාධිත රණවිරුවන්ගේ සටන පාවා දීම සඳහා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ සේනාරත්න තමන්ට රුපියල් කෝටි 10ක මුදලක් සුපිරි නිවසක් ඇතුළු විවිධ වරප්‍රසාද ලබාදීමට සාකච්ඡා කළ බව ආබාධිත රණවිරු තේජාන් සමන් කුමාර පවසයි.

ඔහු පසුගියදා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැති උපවාසයට එක් වූවෙකු වන අතර ඉන්පසුව සජිත් ප්‍රේමදාස රාජිත සේනාරත්න තමන් හමුවී ඔවුන්ට අවශ්‍ය දේශපාලන න්‍යායපත්‍රය ක්‍රියාත්මක කරවීම සඳහා විවිධ වරප්‍රසාද ලබා දෙන බව ප්‍රකාශ කළ හෙතෙම අනාවරණය කළේය.

රණවිරුවන් සමස්තය වෙනුවෙන් යුතුකම් ඉටු නොකොට පෞද්ගලික වාසි තකා ඔවුන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් පෙනී සිටීමට තමාට නොහැකි නිසා ඔවුන්ට සහාය දීමෙන් වැළකී ඉවත් වී පැමිණි බව තේජාන් පවසයි.

මේ සඳහා එකතු වූ පුද්ගලය් පිළිබඳ ඉදිරියේ දී තවත් හෙළිදරව් කිරීම් කිහිපයක් සිදු කරන බවද හෙතෙම අවධාරණය කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස