රංජන් සමග නඩු තීන්දු දුන් ධම්මික හේමපාලගේ වැඩ තහනම්!

January 17, 2020 at 9:32 am | by emanisa.lk

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමග එවකට පැවති නඩු කටයුත්තක් සම්බන්ධයෙන් සංවාදයේ යෙදුණේ යැයි කියන බද්දේගම මහෙස්ත‍්‍රාත් ධම්මික හේමපාලගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි අධිකරණ සේවා කොමිෂන් සභාව පවසයි.

එකී චෝදනාව එල්ල වූ ඇඹිලිපිටිය මහෙස්ත‍්‍රාත්වරයා පිළිබඳ ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් සිය කොමිසම් සභාවේ නිර්දේශය ජනාධිපතිවරයාට යොමුකර ඇතැයි අනාවරණය කළ අධිකරණ සේවා කොමිෂන් සභාව හලාවත අතිරේක මහෙස්ත‍්‍රාත් රඛිත අබේසිංහ බද්දේගම මහෙස්ත‍්‍රාත්වරයා ලෙස වැඩ බැලීමට පත්කර ඇතැයි ද පැවසීය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක සමග එවකට අධිකරණය හමුවේ පැවැති නඩු කටයුතු සම්බන්ධයෙන් දුරකථන මාර්ගයෙන් සාකච්ඡා කොට ඇතැයි මාධ්‍ය මගින් අනාවරණය කළ විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ගුණතිලකගෙන් මෙන්ම මේ වන විටත් රාජකාරියේ නිරත මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සහ මහෙස්ත‍්‍රාත් ධම්මික හේමපාල යන මහත්වරුන්ගෙන් වහාම ප‍්‍රකාශ සටහන් කර ගන්නා ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා ඊයේ (16) කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයාට නියෝග කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස