රංජන්ගේ සුවදුක් විමසන්න පළමු වරට දේශපාලකයන් පිරිසක්! රනිල් ඉරාන් රුවන් අර්ජුණ ඒ අතර!

February 14, 2020 at 2:24 pm | by emanisa.lk

රිමාන්ඩ් බාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ සුවදුක් බැලීමට එජාප නායක, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, ඉරාන් වික්‍රමරත්න, රුවන් විජයවර්ධන හා අර්ජුන රණතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්‍ඩායම ඊයේ (13) දහවල් නව මැගසින් බන්ධනාගාරයට ගිය බව බන්ධනාගාර ආරංචි මාර්ගවලින් පැවසේ.

‘පී’ සිර මැදිරියේ රඳවා සිටින රන්ජන් රාමනායක ජෙලර්වරයකු බාරයේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ අමුත්තන්ගේ විශේෂ කාමරයට කැඳවාගෙන ඒමෙන් පසුව ඔහු හමුවීමට ඉඩ සලසාදී ඇත.

සැකකාර මන්ත්‍රීවරයා රිමාන්ඩ් භාරයට පත් වූ ඉකුත් 15 වන දිනෙන් පසු මන්ත්‍රීවරුන් කණ්‍ඩායමක් ඔහු බැලීමට පැමිණ ඇත්තේ ඊයේ (13) වීම විශේෂත්වයකි.

මෙතෙක් නීතිඥවරුන් හැර වෙනත් කිසිදු දේශපාලනඥයකු ඔහු හමුවීමට පැමිණ තිබුණේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස