අපේ සමනළයන්ට හොරකමක්වත් හරියට කරගන්න බෑ! පුදපු ගමන් කාපි යකා කියලා මහ බැංකුව කඩපු ගමන් අහුවුණා! – රංජන්

September 11, 2019 at 12:50 pm | by emanisa.lk

සිය පක්ෂයට ළඳ බොළඳ සමනළයන් යැයි කතාවක් මිස පාතාළයට සම්බන්ධ බවට කතාවක් නැතැයි රාජ්‍ය ඇමති රංජන් රාමනායක පවසයි.

සිය පක්ෂයේ නායකයන්ට හොරකමක්වත් හරියට කරගත නොහැකි බවත් බලයට පැමිණ කළ පළමු සොරකම වන මහ බැංකු සොරකම පුදපු ගමන් කාපි යකා කියා මාට්ටු වූ බවත් ජනතාව පවසන්නේ යැයි හෙතෙම පවසයි.

ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවයරකුගේ ආරක්ෂාව යටතේ මේ වන විට රටින් පළා ගොස් සිටි පාතාළ නායකයන් ලංකාවට පැමිණෙන බවට වන පුවතක් පිළිබඳ මාධ්‍ය විමසූ අවස්ථාවෙ ඔහු මෙසේ සඳහන් කළේය.

ඒ අධිකරණයට අපහාස කිරීම පිළිබඳ පැවති නඩුවකට පෙනී සිටීමට පැමිණ අධිකරණයෙන් පිටත්ව යන විටය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස