කොකේන් තියා මල් පැකට් එකක් ගහන්න සල්ලි නෑ! – තුෂාර ඉඳුනිල්

February 25, 2019 at 1:48 pm | by admin

කොකේන් භාවිතයට විශාල මුදලක් අවශ්‍ය බවත් තමන්ට එවන් වත්කමක් නොමැති නිසා එම චෝදනා තමන්ට අදාළ නොමැති බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් ජාතික පෙරමුණු රජය යටතේ කොමිස් ගැසීමට ව්‍යාපෘති නොලැබෙන බවත් ආණ්ඩුවට මුදල් නොමැති බවත් මන්ත්‍රීවරුන්ට අයථා ලෙස මුදල් ඉපයිය නොහැකි බවත් ඔහු පවසයි.

“කොකේන් ගහනවා තියා අඩුම ගාණෙ මල් පැකට් එකක් ගන්නවත් අපිට විදියක් නැතිව ඉන්නේ. ඒකත් දැන් දෙදාහයි, දෙදාස් පන්සීයයි, තුන් දාහයි. අඩුම තරමේ අරක්කු බෝතලයක් බොන්නවත් අපිට සල්ලි නැති වෙලාවේ රංජන් රාමනායක මහත්තයා මේ කොකේන් ගැන කතා කරනවා. අහවල් කොකේන්ද ?” යනුවෙන් ඔහු විමසා සිටියි.

පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මේ බව පැවසුවේ පසුගියදා පැවති ජනහමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස