05 වෙනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්ෂණික මත්ද්‍රව්‍ය පරික්ෂාවක් කරනවා! රංජන් කලින් දැනුම් දෙයි.

March 13, 2019 at 12:46 pm | by admin

අයවැය තුන්වැනි වර ඡන්ද විමසීම සිදු කරන අප්‍රෙල් 05 වැනිදා සියලුම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුනට වෛද්‍ය පරීක්‍ෂණයක් සිදු කරන්නැයි පක්‍ෂ නායකයන්ගෙන් හා කතානායකවරයාගෙන් තමන් ඉල්ලීමක් කළ බවත් කතානායකවරයාගේ දැනුම් දීම මත එම ඉල්ලීම ලිඛිතව ලබා දුන් බවත් රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක පවසයි.

එම වෛද්‍ය පරීක්‍ෂණය අනුව කොකේන් භාවිත කරන පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් කවුදැයි සොයා ගත හැකි යයිද ඔහු පැවසීය.

අයවැය ඡන්ද විමසීම සඳහා සියලුම මන්ත‍්‍රීවරුන් පැමිණෙන නිසා එදින ක්ෂණික පරීක්ෂාවක් වඩාත් සුදුසු දිනයක් යයිද රාජ්‍ය ඇමතිවරයා වැඩි දුරටත් පෙන්වා දෙයි.

කෙසේ වුවද මෙම කලින් දැනුම්දීමක් කිරීම නිසා එවැනි ක්ෂණික පරික්ෂාවක් සඳහා ඕනෑම අයකුට සූදානම් විය හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස