කොකේන් ගහන මන්ත්‍රීනියකුත් ඉන්නවා! ඈ පාර්ලිමේන්තුවේ ඉන්නවාද අහන්න එපා! – රංජන්

February 26, 2019 at 11:40 am | by admin

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් 24 දෙනෙක් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පසුගියදා කළ ප්‍රකාශය නිසා ආන්දෝලනාත්මක කතා බහක් නිර්මාණය වී ඇති මොහොතක, ඊයේ (25) අමාත්‍යවරයා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය භාවිත කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක්ද සිටින බවයි.

එසේම ඈ කොකේන් පමණක් නොව ටැබ්ලට්, සිගරට් ඇතුළු සෙසු මත්ද්‍රව්‍ය වර්ග ද පාවිච්චි කරන බව සිය පෞද්ගලික ඔත්තුකරුවන් මාර්ගයෙන් තහවුරු කර ගැනීමට හැකි වූ බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

එම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරිය කවුරුන්ද යන්න හෝ එතුමිය දැනට පාර්ලිමේන්තුවේ සිටිනවාද නැද්ද යන්න හෝ මේ මොහොතේ මාධ්‍යයට ප‍්‍රකාශ කළ නොහැකි බව ද ඉදිරියේ දී ඒ පිළිබඳ සියලු තොරතුරු රට හමුවේ තබන බව ද ඔහු ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස