‘ලෝකේ හොඳම පාර්ලිමේන්තුව’ සම්මානයෙන් ලෝකය පුදන අපේ පාර්ලිමේන්තුවට කැළලක් වෙයි කියලා කතානායක කී නිසා මගේ සටන ප්‍රමාද කරනවා!

February 21, 2019 at 1:15 pm | by admin

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ලොව හොඳම මොඩලයේ පාර්ලිමේන්තුවට හිමි සම්මානය හිමි වීමට නියමිත නිසාත් එවිට තමන් ගෙන යන සටන ජාත්‍යන්තර වශයෙන් ඊට හානිදායක විය හැකි නිසා එය නතර කරන්න යැයි කතානායක ඉල්ලා සිටි නිසා අඩියක් පිටුපසට ගත් බවත් රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පවසයි. ඔහු මේ අදහස් පළ කළේ කොකේන් පාවිච්චි කරන ඇමතිවරු 24ක් ඇතැයි පැවසුව ද ඔවුන්ගේ නම් ඉදිරිපත් කිරීමට ප්‍රමාද ඇයි දැයි මාධ්‍ය විමසූ විටය.

“කථානායකතුමා පිළිඅරන් තිබුණා එතුමට දුරකථනයෙන් නම් ටික කිව්වයි කියලා. ඊට පස්සේ කථානායකතුමා මට ඊයෙත් කථා කරලා..අදත් කථා කරලා කිව්වා.. රන්ජන් මම වැඩිහිටියෙක් හැටියට මේ කරන යෝජනාව පිළිගන්න… අපේ හියුමන් රයිට්ස් කොමිෂන් එක එනවා අගෝස්තුවල. එතකොට අපේ පාර්ලිමේන්තුවට හොඳම මොඩලයේ පාර්ලිමේන්තුව කියලා..සම්මානයක් ලැබෙන්න තියෙනවා. එතකොට මේ ඉෂූ එක ආවොත් ඉන්ටර්නැෂනල් මීඩියා ගොඩක් පික් කරයි ඒක. ඒ නිසා පොඩ්ඩක් ස්ලෝ වෙන්න.. එහෙම කරන්න එපා කියලා.. ඉල්ලීම කළා. ඒකයි මං පොඩ්ඩක් අඩියක් පස්සට ගත්තේ. මම මේ පටන් ගත්ත සටන දැන් මට නවත්වන්න බෑ. මේකෙන් ගොඩක් අයගෙ හිත රිදිලයි තියෙන්නේ. මම කියන්නේ අබ කාපු අයට ඉන්න බෑ වගේ… හොරකම් කරපු අය සන්සුන් නෑ… ඒ වගේම කොකේන් ගහපු අයත් සන්සුන් නෑ. කලබල වෙන්න ඕනේ නෑ..පරීක්ෂණවලට මුහුණ දෙන්නයි තියෙන්නේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස