යුද ජයග්‍රහණය අයිති පුරවැසියන්ටයි! ඒ නිසා මැතිවරණ ප්‍රචාරණයට යොදා ගන්න බෑ! – මැකො

October 16, 2019 at 6:09 pm | by emanisa.lk

යුද්ධය, යුද ජයග්‍රහණය හෝ යුද්ධයේ වීරක්‍රියා ආදිය ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතුවලට යොදා ගැනීම තහනම් බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

යුද ජයග්‍රහණය එක පක්ෂක හෝ එක කණ්ඩායමකට හෝ අයත් එකක් නොවන අතර එය සමස්ත රටේ පුරවැසියන්ට අයත් බවද, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කීය.

එම නිසා යුද්ධය හෝ යුද ජයග්‍රහණ හෝ ඊට අදාළ අනෙකුත් ක්‍රියාකාරකම් ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් භාවිත නොකරන ලෙස දේශපාලන පක්ෂවලට දැනුම් දී ඇතැයිද හෙතෙම පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස