ජනපති අපේක්ෂක නම් කර සන්ධානය හදනු! මම එකඟ වුණේ එහෙමයි! – සජිත් යුද්ධ ප්‍රකාශ කරයි…

August 9, 2019 at 4:36 pm | by emanisa.lk

ජනාධිපතිවරණය සඳහා සන්ධානයක් ගොඩනැඟීමට තමන් ලක්ෂ වාරයක් කැමති බව ඇමති සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහ හමු වී තමා එකඟ වූයේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේද මන්ත්‍රී කණ්ඩායමේ ද සන්ධානයට එකතු වන සුළු පක්ෂවලද බහුතර කැමැත්ත අනුව මුලින් එජාප ජකපති අපේක්ෂක නම් කර අනතුරුව සන්ධානය ගොඩනැඟීමට බව ඇමතිවරයා පවසයි.

මේ අවස්ථාවේ කළ යුත්තේ සන්ධානය ගොඩනැඟීමට තමා කැමති වූයේ යැයි බොරු පුවත් පළ කිරීම නොව කඳවුරේ බහුතර කැමැත්ත අනුව පක්ෂයේ ජනපති අපේක්ෂකයා නම් කර ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට කඳවුර ශක්තිමත් කිරීම බව හෙතෙම වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස