1990 එවක රටෙි පැතිර පැවති ත්රස්තවාදී ගැටුම්වලට බියෙන් තමිල්නාඩුවට පළා ගොස් එහි සරණාගත කඳවුරක වාසය කළ පියෙක් සහ දියණියක් ඉන්දියාවේ පැතිර යන කොරෝනා වසංගතයට බියෙන් නැවත ලංකාවට පළාවිත් තිබෙි.
මෙලෙස තමිල්නාඩුවේ සිට බෝට්ටුවක නැඟී තලෙයිමන්නාරමට පැමිණි දෙදෙනා ඊයේ (02) පොලිසියට භාර වී තිබේ.
ඔවුන් දෙදෙනා ලංකාවට පැමිණ ඇත්තේ පවුලේ මව සහ අනෙක් දියණිය පසුව ලංකාවට ගෙන ඒමේ අරමුණ ඇතිවය.
එම දෙදෙනා පළමුව නිරෝධායනයට යොමු කර ඇති අතර ඉදිරියේ දී නීති විරෝධී සංක්රමණ පිළිබඳ විමර්ශන සිදු කිරීමට නියමිතය.