මහ බැංකුව හොරා කෑ හොර කල්ලිය අනිවාරයෙන්ම අධිකරණය හමුවට ගේනවා! – මහින්ද

September 9, 2019 at 11:33 am | by emanisa.lk

මේ රටේ සාගින්නෙන් දරුවන් මිය යන යුගයක් උදා වූයේ රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස පාලන කාලයේ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි.

වර්තමාන ආණ්ඩුව ජනතාවගේ පොකොට්ටුවට පමණක් නොව පන්සලේ පිං කැටේට ද විදපු ආණ්ඩුවක් බවත් හෙතෙම පවසයි.

බලයට පත්වී මාස දෙකෙන් මහ බැංකුව කොල්ල කෑ මේ අපරාධකරුවන් ඉදිරියේ දී සිය ආණ්ඩුවක් යටතේ අනිවාර්යෙන්ම නීතිය හමුවට පමුණුවන බව ද විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.

19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් රට විනාශ කළ ආණ්ඩුවට එයම අද පාරා වළල්ලක් වී ඇති බව පැවසූ හෙතෙම මේ සියලු අපරාධ නතර කිරීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් කිරීමට කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ජාතික නිදහස් පෙරමුණේ 3 වන ජාතික මහ සමුළුවට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස