බැඳුම්කර කොමිසමට බොරු කළැයි රවීට චෝදනා! රහස් පොලිසියටත් කට්ටි පැනලා මාට්ටු! වහාම රහස් පොලිසි යන්න අධිකරණ නියෝග!

August 30, 2019 at 10:32 am | by emanisa.lk

මහත් ආන්දෝලනයකට තුඩුදුන් මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කෙරුණු ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දුන්නේ යැයි කියමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයට අදාළව (30) දින සිට සති දෙකක් තුළ රහස් පොලිසිය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන්න කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (29) දින ඔහුට නියෝග කළේය.

මෙම පැමිණිල්ල ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී රහස් පොලීසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පරීක්ෂණයට අදාලව අමාත්‍ය රවී කරුණානායක විසින් ඉකුත් ජූලි මස 7 වැනිදා රහස් පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදුන් බව කියා සිටියේය.

ඉන් අනතුරුව වැඩිදුර ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා රහස් පොලිසිය හමුවේ පෙනීසිටින ලෙස අමාත්‍යවරයා වෙත අවස්ථා කිහිපයක දී දැනුම් දී තිබුණත් ඔහු මේ දක්වා ප්‍රකාශ ලබා දීම සඳහා පැමිණ නොමැති බව සඳහන් කළ රජයේ නීතිඥවරයා මේ නිසා පරීක්ෂණ කටයුතුවලට යම් බාධාවක් මතුවී තිබෙන බවද දන්වා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස