පාස්කු ප්‍රහාරයට මාස 7ක් පිරෙද්දී සජිත් ජාතියෙන් සමාව ඉල්ලයි! (video)

November 13, 2019 at 8:04 am | by emanisa.lk

පසුගිය අප්‍රේල් 21 වෙනිදා එල්ල වූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තමා පෞද්ගලිකව පමණක් නොව කැබිනට් ඇමතිවරයකු ලෙස ජනතාවගෙනුත් රටෙනුත් සමාව ඉල්ලා සිටින බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.

බුද්ධි අංශ විසින් 97 වතාවක් මෙවැනි ප්‍රහාරයක් එල්ල වන බවට අනතුරු අඟවා තිබුණ ද ආණ්ඩුව එය වළක්වා ගැනීමට කටයුතු නොකළ අතර ඇමති සජිත් ප්‍රේමදාසගේ සමීපතමයකු වන ඇමති හරීන් ප්‍රනාන්දු එම අනතුරු ඇඟවීම් නිසා තමා පල්ලි නොගිය බව රටටම කීවේය.

නැවත මැතිවරණයක් කැඳවා ජනතාව ඉදිරියට යාමට සිදුවන තුරු ආණ්ඩුව අදාළ ඛේදවාචකය පිළිබඳ සමාව ඉල්ලා නොසිටීම ද විචාරකයන්ගේ අවධානයට ලක්ව තිබේ.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස