ආණ්ඩුවේ අර්බුදය දුරදිග යන ලකුණු! ජනපති කැබිනට් හමුව නොකැඳවයි!

June 11, 2019 at 7:36 am | by emanisa.lk

සෑම අඟහරුවාදා දිනයක පැවැත්වෙන කැබිනට් හමුව අද (11) දින නොපැවැත්වෙන බව වාර්තා වෙයි. කෙසේ වුවද කැබිනට් හමුවට පෙර අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පූර්ව කැබිනට් හමුව ඊයේ පවත්වා තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු අත්හිටුවන තුරු කැබිනට් රැස්වීම් සඳහා සහභාගී නොවන බව ජනාධිපතිවරයා පසුගිය දා කැඳවූ හදිසි කැබිනට් හමුවේ දී පවසා තිබිණි.

එහෙත් මේ වන තුරු එම පාර්ලිමේන්තු විශේෂ තේරීම් කමිටුව පැවැත්වෙන අතර එය නතර කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බව කතානායක ලිපියක් මගින් දන්වා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස