corona# නව ආසාදිතයන් 52යි! 49 දෙනෙක් කුවෙටයෙන්! දෙන්නෙක් ඉන්දුනීසියාවෙන්! අයෙක් වැලිසර නාවික පොකුරින්!

May 25, 2020 at 11:31 am | by emanisa.lk

ඊයේ (24) දිනය තුළ කොරෝනා ආසාදිතයන් 52 දෙනකු හමුවීමත් සමග ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා අසාදිතයන්ගේ සංඛ්‍යාව 1,141 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට කොරෝනා ආසාදිතයන් 458 දෙනකු රජයේ රෝහල් 05ක ප්‍රතිකාර ලබන අතර, වෛරසය අසාදනය වූ බවට සැක කරන රෝගීන් 97 දෙනකු වෛද්‍ය විමර්ශනය යටතේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටිති. මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 674 දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනය තුළ හඳුනාගත් අසාදිතයන්ගෙන් 49 දෙනකු කුවේට් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ තිරිකුණාමලය සහ මින්නේරිය යන නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වෙමින් සිටින අය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඉතිරි අසාදිතයන්ගෙන් දෙදෙනකු ඉන්දුනීසියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර අනෙක් අසාදිතයා වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස