පසුගිය සතියේ රෝහල්වලින් කොරෝනා රෝගීන් නෑ! නිරෝධායන මධ්‍යස්ථානවල රෝගීනුත් අඩු වෙලා! -වෛද්‍ය පබා පළිහවඩන

May 4, 2020 at 4:41 pm | by emanisa.lk

කොරෝනා ආසාදනය වූ කිසිදු රෝගියකු රජයේ රෝහල්වලින් ඉකුත් සතියේදී වාර්තා වී නැතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන පවසයි.

නිරෝධායන මධ්‍යස්ථානවලින් කොරෝනා රෝගීන් වාර්තාවීම ද සැලකිය යුතු ලෙස අඩුවී ඇතැයි කී විශේෂඥ වෛද්‍යවරිය වෛරසය රට පුරා ව්‍යාප්තවීම බොහෝ දුරට පාලනය වී ඇතැයි ද ප්‍රකාශ කළාය.

රෝහල්වලට ඇතුළත් කෙරෙන ගර්භනී මවුවරුන්, ශ්වසන අපහසුතා සහිත රෝගීන්, තදබල සංකූලතා පවතින රෝගීන් හා වෙනත් සැකකටයුතු රෝගීන් දෛනිකව පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කෙරෙන බව ද ඇය පැවසුවාය.

දැනට අපට යම් ගැටලුවකට ඇත්තේ නාවික හමුදාවේ ආසාදිත භටයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් පමණක් බව කී වෛද්‍ය පබා පලිහවඩන, එම රෝගී පොකුරද සෞඛ්‍ය අංශ විසින් පාලනයට නතු කරගනු ලැබ ඇතැයි සඳහන් කළාය.

මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණවලින් හඳුනාගැනෙන රෝගීන් සංඛ්‍යාවද 3 % ක්වා පහත බැස තිබෙන බවත්, එය සතුටුදායක කාරණයක් බවත් විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *