corona# මැදියම් රෑ තවත් ආසාදිතයන් 7ක්! සියලු දෙනා වැලිසර පොකුරින්!

May 11, 2020 at 9:17 am | by emanisa.lk

වසංගත රෝග විද්‍යා අංශය විසින් ඊයේ(10) රාත්‍රී 11.55 නිකුත් කළ වාර්තාවලට අනුව තවත් කොරෝනා ආසාදිතයින් 7දෙනෙකු වාර්තා වී ඇත.

ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 863ක් දක්වා ඉහළ ගොස් තිබේ.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ මේ රෝගීන් හත් දෙනාම නාවික හමුදා රණවිරුවන් බවය.

ලංකාවේ කොරෝනා වසංගතය පාලනය කළ ද තුරන් කර නොමැති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව