ගාල්ල කරාපිටියෙන් රෝගීන් 6ක්! සියලු දෙනා වැලිසර නාවික පොකුරේ…

May 12, 2020 at 8:21 am | by emanisa.lk

කොරෝනා ආසාධිත රෝගීන් 06 දෙනෙක් ගාල්ල කරාපිටිය රෝහලෙන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 869ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එලෙස වාර්තා වූ කොරෝනා ආසාධිතයින් නාවික හමුදා සෙබළුන් බව ද සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කරයි.

මේ වන විට කොරෝනා ආසාධිත රෝගීන් 343 දෙනෙක් සුවය ලබා ඇති අතර රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 517කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස