ලංකාවෙි කොරෝනා රෝගීන් 10ක් මළැයි ෆේස්බුක් දැමූ බොරුකාරයා රිමාන්ඩ්!

March 25, 2020 at 6:16 pm | by emanisa.lk

කොරෝනා වයිරසයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇතැයි සදහන් කරමින් ෆේස්බුක්හහි අසත්‍ය සටහන් තබා සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කළැයි මාලබේ පුද්ගලික නාවික විද්‍යාලයක පරිපාලන නිලධාරියකු අත්අඩංගුවට ගෙන තිබේ..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලද මෙම තැනැත්තා ලබන 01 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දසානායක අද (25) නියෝග කළේය.

කොරෝනා වයිරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අසත්‍ය තොරතුරු ඇතුළත් පුවරු නිර්මාණය කොට ප්‍රචාරය කිරීම පරිගණක අපරාධ පනතේ හයවැනි වගන්තිය ප්‍රකාරව සහ ලංකා දණ්ඩ නිති සංග්‍රහය ප්‍රකාරව මෙම තැනැත්තා වරදක් කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී..

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස