Corona# නව ආසාදිතයන් 25ක්! ඉන් 23ක්ම වැලිසර නාවික පොකුරින්! 2ක් පිටරටින්!

May 17, 2020 at 12:04 pm | by emanisa.lk

ඊයේ(16) දිනයේ තුළ මෙරට කොරෝනා ආසාදිතයින් 25 දෙනෙකු වාර්තා වු අතර ඉන් 23 දෙනෙක් නාවික හමුදා සමාජිකයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

සෙසු ආසාදිතයින් දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථාන තුළ සිටි අයවලුන් බවද යුද හමුදාපතිවරයා කියා සිටියේය.

ඊයේ (16) රාත්‍රී 11.55 වන විට තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් ගණන 960 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස