අදත් කො⁣රෝනා රෝගීන් 17කට සුවයි! සුවය ලද මුළු පිරිස 232යි!

May 7, 2020 at 6:03 pm | by emanisa.lk

අද (07) දින තවත් කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 232 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අයි.ඩී.එච්, ඉරණවිල සහ වැලිසර නාවික හමුදා රෝහලේ  ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මේ අතර අද දින මේ වන විට කොරෝනා ආසාදිතයින් 804 දෙනෙකු වාර්තා වී ඇත.

කොරෝනා වෛරස ආසාදිතයින් බවට ඊයේ (06) දිනයේ හදුනාගත් පුද්ගලයින් 29 දෙනාගෙන් 24 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

අනෙකු පුද්ගලයින් 05 දෙනා ද නාවික හමුදා සාමාජිකයින් සමඟ සමීප සබඳතා පැවැත් වූ පුද්ගලයින් බව ඔහු පෙන්වා දෙයි.

මේ අතර 556 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස