TNA පදයට තවත් නටන්න අපි සූදානම් නෑ! ජනතාව සිංහල දෙමළ ලෙස බෙදුවේ එජාපයයයි! අපේ සහාය කියන දේ කරන ගෝඨාභයටයි! – කුංජිතම්බි ඒගම්බරන්

November 10, 2019 at 2:07 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව ගතවූ වසර හතර තුළ තමන්ට කුමක් කළේ දැයි විමසන බව කල්මුණේ මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යම කාරක සභික කුංජිතම්බි ඒගම්බරන් පවසයි.

ජනාධිපතිවරණය මේ වන විට උණුසුම් වී පවතින බවත් ඡන්දය දිය යුත්තේ කාටද යන්න තීරණය කළ යුත්තේ අප අපම බවත් හෙතෙම පවසයි.

මේ රටේ සමගියෙන් කටයුතු කළ සිංහල සහ දෙමළ ජනතාව බෙදා වෙන්කර පෙන්වූයේ එක්සත් ජාතික පක්ෂය බව ඔහු පෙන්වා දෙයි.

එහෙයින් සිය තීන්දුව වෙනස් කළ බවත් කියන දේ කරන ගෝඨාභය රාජපක්ෂට එළඹෙන ජනාධිපතිවරණයේ දී සහාය දීමට තීන්දු කළ බවත් ඔහු පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස