අපි කිසිම අපේක්ෂකයෙක් ළඟට යන්නේ නෑ! අපේ සහාය ඕන නම් අපි ළඟට එන්න ඕන! – සුමන්දිරන්

October 25, 2019 at 4:27 pm | by emanisa.lk

සිය සන්ධානය කිසිම ජනාධිපති අපේක්ෂකයකු සමග බලෙන් සාකච්ඡා නොපවත්වන බවත් සිය සහයෝගය අවශ්‍ය නම් තමන්ට සාකච්ඡා සඳහා ආරාධනා කළ යුතු බවත් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්දිරන් පවසයි.

දෙමළ සන්ධානය ඇතුළු පක්ෂ පහක් අත්සන් කර ඇති ගිවිසුම ඕනෑම අපේක්ෂකයකු වෙත ඉදිරිපත් කරන බවත් හෙතෙම පැවසීය.

කෙසේ වුවද ඉදිරි ජනාධිපතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය එළඹෙන 31 වෙනිදාට පෙර ප්‍රකාශ කරන බවත් සුමන්දිරන් අවධාරණය කළේය.

ඔවුන්ගේ ඉල්ලීම් 13ක් ඇතුළත් යෝජනාවලිය නොපිළිගන්නා බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සිදුකළ ප්‍රකාශය පිළිබඳ අදහස් දක්වමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස