සජිත්ට ඡන්දේ දෙන්න කියලා ජනතාවට කියන්න අපට බෑ! – සුරේෂ් ප්‍රේමචන්ද්‍ර

November 5, 2019 at 3:06 pm | by emanisa.lk

දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍ර නායකත්වය දරන EPRLF සංවිධානය ජනාධිපතිවරණයේ දී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාටම සහාය නොදැක්වීමට තීරණය කර තිබේ.

එළඹෙන ජනාධිපතිවරණයේ දී කිසිදු ප්‍රධාන අපේක්ෂකයකු වෙත ඡන්දය ලබා දෙන දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටීමට කිසිවකුට නොහැකි බව ඔහු නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පසුගිය පස් වසර තුළ නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට ලබා දුන් පොරොන්දුව ඇතුළු දෙමළ ජනතාවයගේ ගැටලු විසඳීමට ලබා දුන් කිසිදු පොරොන්දුවක් ඉටු වී නොමැති බව ඔහු සඳහන් කරයි.

කෙසේ වුවද දෙමළ ජාතික සන්ධානය සිය සහයෝගය සජිත් ප්‍රේමදාසට ලබා දීමට තීන්දු කර තිබේ. උතුරු නැ‍ඟෙනහිර ඒකාබද්ධ කර දෙමළ ජනතාවගේ නිජබිම ලෙස පිළිගැනීම ඇතුළු යෝජනාවලිය ගෝඨාභය රාජපක්ෂ ප්‍රතික්ෂේප කළ ද සජිත් ප්‍රේමදාස ඒ පිළිබඳ කිසිවක් සඳහන් කරන්නේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස