ශ්‍රී ලංකාවට දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ බව ඇමරිකානු ජනපති කියයි! ශ්‍රී ලංකා ආණ්ඩුව තවම ප්‍රහාරයේ සුලමුල සොයයි!

April 21, 2019 at 4:37 pm | by admin

අද දින ශ්‍රී ලංකාවේ පල්ලි සහ හොටෙල් කිහිපයකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් ඇමරිකානු ජනාධිපතිවරයා සිය කනගාටුව පළ කර තිබේ.

මෙහිදී අත්වැරදීමකින් මිය පුද්ගලයන් ගණන 138 වෙනුවට මිලියන 138ක් ලෙස ද සඳහන් කර තිබේ. මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට උදව්  කිරීමට සූදානම් බව ද ඇමරිකානු ජනාධිපතිවරයා පවසයි.

ශ්‍රී ලංකා ආණ්ඩුවේ අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා මෙම ප්‍රහාරය ත්‍රස්තවාදී ප්‍රහාරයක් බව ප්‍රකාශ කිරීමට පෙර ඇමරිකානු ජනාධිපතිවරයා එය ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස හඳුන්වා තිබීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස