මුස්ලිම් ආක්‍රමණයෙන් බැට කන අරිසිමලේ ආරණ්‍ය සෙනසුනට එරෙහිත් කොටි ජිනීවා වෙත පැමිණිලි කරති! (Audio)

March 15, 2019 at 2:58 pm | by admin

උතුරු නැගෙනහිර සම්පූර්ණයෙන් බෞද්ධකරණය සහ සිංහලකරණය කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත් අරිසිමලේ ආරණ්‍ය සේනාසනාධිපති උතුරු මැද නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝනායක, පනාමුරේ තිලකවංශ හිමි ඊට නායකත්වය ලබා දෙන බවත් කොටි ඩයස්පෝරාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණිලි කර තිබේ. මෙම පැමිණිල්ල සිදු කර ඇත්තේ ඇමරිකාවේ සිට ක්‍රියාත්මක වන පර්ල් නම් කොටි ඩයස්පෝරා සංවිධානයක් මගිනි.

අරිසිමලේ ආරණ්‍ය සේනාසනය සහ එහි නායක ස්වාමීන් වහන්සේ උතුරු නැඟෙනහිර බෞද්ධ උරුමය විනාශ කරන බලවේගවලට මහත් හිසරදයක් වී තිබේ. 2016 වසරේ මෙම ආරණ්‍ය සේනාසනයේ දායක පිරිස වෙත ප්‍රහාරයක් එල්ල වූයේ මෙම ආරණ්‍ය සේනාසනය ආක්‍රමණය කිරීම සඳහා කුරුමානම් අල්ලන මුස්ලිම් අන්තවාදීන්ගෙනි. වරක් ආරණ්‍ය භූමියේ විහාර ගොඩනැඟිල්ලේ මුස්ලිම් පවුලක් පදිංචි කර ඒ අවට මුස්ලිම් නිවාස තැනීමට කටයුතු කර තිබිණි. එහිදී ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලාට බැණ වදිමින් දායකයන් වෙත පහර දුන් මුස්ලිම් අන්තවාදීන් එහි පැමිණි පොලිස් නිලධාරීන්ට ද අසැබි වචනයෙන් බැණ වැදී තිබිණි.

ආරණ්‍ය සෙනසුනේ නායක හිමියන් 2016 එල්ල වූ ප්‍රහාරය අවස්ථාවේ දුරකතන මාර්ග ඔස්සේ කළ පැහැදිලි කිරීමක් පහත දැක්වෙයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස