ප්‍රහාර මාලාව පිටුපස ඉස්ලාමිය රාජ්‍ය සංවිධානය! ජාත්‍යන්තර මාධ්‍ය හෙළි කරයි!

April 21, 2019 at 2:54 pm | by admin

අද උදෑසන පාස්කු මංගල්‍ය පැවැත් වූ පල්ලි තුනකට සහ කොළඹ ප්‍රධාන පෙළේ හොටෙල් තුනකට ප්‍රහාර එල්ල කළේ අයිසිස් සංවිධානය බවට සැකයක් මතුව තිබේ.

ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වන CNNnews18 නම් ඉංග්‍රීසි චැනලය සහ jihadwatch.org නම් වෙබ් අඩවිය ද මේ පිළිබඳ සඳහන් කර තිබේ.

ඔවුන් පෙන්වා දෙන ආකාරයට මෙම ප්‍රහාර අතරින් ෂැංගිලා ප්‍රහාරය සහ තිරිකුණාමල පල්ලියේ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කර ඇත්තේ ශාරම් හසීම් සහ අබු මොහොමඩ් නම් දෙදෙනෙකු විසිනි.

එසේම සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයෙන් හමු වූ කඳින් වෙන්වූ හිස  ප්‍රහාරකයා ඔහු යැයි විශ්වාස කෙරේ.

ෂැංගිලා හෝටලයට ප්‍රහාර එල්ල කළ ශාරම් හසීම් යැයි CNNnews18 නාළිකාව හඳුන්වා දුන් පුද්ගලයා මෙම ඡායාරූපයේ දකුණු පස වෙයි. එහි වම්පස ඇත්තේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ තිබී හමු වූ කඳින් වෙන් වූ ප්‍රහාරයකයාගේ බවට සැක කරන හිසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *