ශ්‍රී ලංකා ප්‍රහාරය ඉස්ලාම් රාජ්‍ය ආධාරකරුවෝ සමරති! මරාගෙන මැරුණු ප්‍රහාරකයන් ‘අල්ලාඃ පිළිගනිත්වා’යි පතති!

April 22, 2019 at 9:37 pm | by admin

පසුගිය ඉරිදා 300කට අධික පිරිසකට මරු කැඳවමින් 500කට අධික පිරිසකට තුවාල සිදු කළ අන්තවාදී ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරය ඉස්ලාම් රාජ්‍යය ආධාරකරුවන් මහත් සතුටින් සමරන බව ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

කතෝලික පල්ලි වෙත එල්ල කළ ප්‍රහාරය අන්තර්ජාලය ඔස්සේ ප්‍රශංසාවට ලක් කරන ඉස්ලාම් රාජ්‍යය සහයකයෝ තුවාලකරුවන් දැක අමන්දානන්දයට පත්ව අත්පොළසන් දෙමින් ඇතැයි එම කණ්ඩායම්වල කටයුතු නිරීක්ෂණය කරන SITE Intelligence Group නම් සංවිධානය හෙළි කර තිබේ.

ඉස්ලාම් රාජ්‍යය අන්තර්ජාල නාළිකාවල එම ප්‍රහාර වාර්තා කරමින් මරාගෙන මැරෙන ප්‍රහාරකයන් අල්ලාඃ දෙවියන් පිළිගනිත්වායි යාඥා කරමින් සිටින බව ද අනාවරණ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස