මහජන දේපළ හොරා කන්න දේශපාලනය කරන සෙල්ලක්කාර වෙල්ගමලා ගෝඨාට කැමති නෑ!

April 3, 2019 at 11:17 pm | by admin

වෙල්ගමලා ගෝඨාභයට නයනා කුමාරිගේ සැලුන් එක මුර කරන්න පොලිස් රාළහාමිලා දෙන්නෙක් දාපු එක ආරංචි වෙලා ගෝඨාභය වෙල්ලමට බැන්න නිසාම නෙවෙයි.

2011 සිට 2015 දක්වා සීටීබී එකට ඉන්දියාවෙන් අමතර කොටස් ගෙන්වීම වෙල්ගමගේ හිතවතෙක් ⁣වුණ පංචිකාවත්තේ බන්ධුලට දීලා මිලියන 255 ක කොමිස් මුදලක්, වෙල්ගම, ශෂී වෙල්ගම, අමාත්‍යාංශ ලේකමි බෙදා ගත්ත එකට 2015 නොවැම්බර් වෙල්ගමට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවරූ නඩුවෙන් මිනිහා අත්අඩංගුවට පත්වීම රනිල් මැදිහත් වෙලා නවත්වපු එකට රනිල්ට කෘතගුණ දක්වන්න විතරක් නෙවෙයි.

සල්ලි තියෙන, සිවිල් බලය තියෙන හැබැයි ඉගෙන ගත්තෙ නැති, සෙල්ලක්කාර ජීවිත ගත කරන්න, විරුද්ධවාදීන්ට චන්ඩි පාටි දමන්න, පුළුවන් තරමි මහජන දේපල හොරා කන්න ලයිසන් එකක් විදිහට පාර්ලිමේන්තුවට එන්න බලවතුන්ට, සල්ලිකාරයන්ට හෙළිපෙහෙළි වෙලා තියෙන ඉඩ ගෝඨාභය ජනාධිපති වුණොත් නැති වෙන බව වෙල්ගමලා දන්නවා.

ඒක නතර කරන්න තමයි වෙල්ගමලා ගෝඨාභය එනවට විරුද්ධ. වෙල්ගමලා කියලා කිව්වෙ එහෙම අපතයො පොහොට්ටුවෙත්, එජාපයෙත්, ජවිපෙත් ඉන්න බව පෙන්වා දෙන්නයි.

මුන් ඔක්කොටම ගෝඨාභය වහ කදුරු වුණාට හොරකමට දූෂණයට විරුද්ධ, රට බෙදනවාට එරෙහි, රණවිරුවන් හිරේ දානවට විරුද්ධ, මවිබිම සංවර්ධනය වෙනව දකින්නට කැමති, රටට පවතින විනයක් හඳුන්වා දෙන්න පුළුවන් ගෝඨාභයට පමණක් බව අදහන පක්ෂ පාට ආගමි ජාති කුලමල භේදයකින් තොරව අති බහුතර ලාංකේය ජනතාව 2019 ගෝඨාභයව ජනාධිපති කරන්න සැදී පැහැදී සිටිනවා. ඒක නතර කරන්න වෙල්ගමලාට බැහැ, එහෙම කරන්න අපි ඉඩ දෙන්නෙත් නැහැ .

මෙිජර් අජිත් ප්‍රසන්න

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස