වීදි පිරෙන පාද සටන රට අවුල් කරන අවතාරයක්! ඉදිරියේදී භික්ෂූ, ව්‍යාපාරික වේශයෙනුත් තව අවතාර එන්න පුළුවන්! – මොහාන් සමරනායක

July 13, 2019 at 8:06 am | by emanisa.lk

අප ඉදිරියේ ඇත්තේ රටට හිතැති කඳවුර සහ රට පාවා දෙන කඳවුර පමණක් බවත් මේ කඳවුරු දෙක අතරට රට අවුල් කරන විවිධ අවතාර පැමිණිය හැකි බවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක පවසයි.

කෑගල්ල දිස්ත්‍රික් වියත්මග සම්මන්ත්‍රණයේ දී ඔහු වැඩි දුරටත් මෙසේ පැවසීය.

දැනුමින් සන්නද්ධ වූ පුද්ගලයාට තමයි නිවැරදි දේශපාලන සාමජ ආර්ථික තීන්දු තීරණ ගත හැක්කේ. 2015 දී ඥාණවන්තයෝ අඥාණයෙන් මුලා කළා. ජනතාව අද ඒකට වන්දි ගෙවමින් සිටිනවා. 2015 ජනවාරි 8 වැනිදායින් පසුව සිදුවෙමින් තිබෙන්නේ යටත්විජිතකරණයයි. රටක ස්වාධීනත්වය අත්‍යවශ්‍යයි. ඒ සඳහා තම අභිමතය පරිදි ආර්ථිකය දියුණු කිරීමට හැකියාව ලැබෙනවා.

දැන් රට තිබෙන්නේ ස්වාධීනත්වය අහිමි වන පරිසරයකයි. මේ පාලකයන් ඉතා දීන තත්ත්වයකට රට ඇදදමා තිබෙනවා. අද ලෝකයේ බොහෝ දෙනෙක් ඇමරිකාවට පලා යන්නේ විරැකියාවෙන්, සාගින්නෙන් සහ ප‍්‍රචණ්ඩත්වයෙන් බේරීමටයි. ඇෆ්ගනිස්තානයට, ඉරාකයට, සිරියාවට, ලිබියාවට අද මොකක්ද වෙලා තිබෙන්නේ? අපි එවැනි තත්ත්වයකට යනවාද? නැතිනම් සියලූ රටවල් සමඟ ස්වාධීනතව මිත‍්‍රත්වයෙන් කටයුතු කරමින් ගෞරවයෙන් ජීවත් වෙනවාද?

ඉදිරියේදී මේ ගැන නිවැරදි තීරණයක් ගනිමු. එතැන තිබෙන්නේ කඳවුරු දෙකයි. රට ගැන හිතන, ස්වාධීනත්වය, ආරක්‍ෂාව ගැන හිතන, සාධාරණ සමාජයක් ගොඩනඟන කඳවුරයි. අනික් පැත්තකින් රට පාවා දෙන කඳවුරක් තිබෙනවා. මේ කඳවුර දෙක අතරට රට අවුල් කරන විවිධ අවතාර එන්න පුළුවන්. වීදි පිරෙන පාද සටන නමැති එක අවතාරයක් අද ඇවිත් තිබෙනවා. දෙශපාලනයේ ප‍්‍රතිවිරෝධතා තිබෙනවා. ජවිපෙ දැන් ද දන්නේ රනිල්ගේ දේශපාලන ප‍්‍රතිපත්තිය කුමක්ද කියලා. ඔවුන් හදන්නේ මේ සටන අවුල් කරන්නයි.

දේශපාලනයේත් ප‍්‍රතිවිරෝධතා තිබෙනවා. අපි හඳුනාගත යුත්තේ ඒ මොහොතේ තිබෙන ප‍්‍රධාන ප‍්‍රතිවිරෝධයයි. ප‍්‍රධාන ප‍්‍රතිවිරෝධය විය යුත්තේ රට රැක ගැනීමයි. අපි අතරත් විවිධ මත තිබෙන්න පුළුවන්. භික්‍ෂූන් වහන්සේලාගේ වේසයෙන්, ව්‍යාපාරික වැනි වේශවලින් අවතාර එනවා. ඉදිරියේදී නොයෙක් නොයෙක් අවතාර එන්න පුළුවන්. මේ සියලු දෙනාම ඉන්නේ එකම ව්‍යාපෘතියක් වෙනුවෙන්. මේ අයව ආරක්‍ෂා කිරීමට පමණයි. ඒ නිසා නිවැරදි තීරණයක් ගන්න කල්පනා කරන්න.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස