මෛත්‍රීිට රනිල්ට නැවත දිනන්න බෑ! ජනතාව වෙන නායකයෙක් පත්කර ගන්න සූදානම්! – ලාල්කාන්ත

May 4, 2019 at 4:45 pm | by admin

වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට හෝ අගමැති රනිල් වික්‍රමසිංහට නැවත මැතිවරණයක් ජයගත නොහැකි බවත් ජනතාව වෙනත් නායකයකු පත් කර ගැනීම වැළැක්විය නොහැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

ආගමික ත්‍රස්තවාදයකට මුහුණ දී ඇති මේ අවස්ථාවේ ඒ සඳහා විසඳුම් ඇත්තේ ඒකාධිපතිත්වය තුළ නොවන බවත් මෙම අන්තවාදයට මුවා වී ඡන්ද කල් දැමීමට අවස්ථාව ලබා නොදිය යුතු බවත් හෙතෙම පවසයි. මෙම ගැටලුවට එකම විසඳුම ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපත් ආණ්ඩුකරණය යැයි හෙතෙම අවධාරණව කළේය.

කෙසේ වුවද ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පසුගියදා සඳහන් කළේ මෙම තත්ත්වය පාලනය කරන තුරු මැතිවරණ නොපැවැත්විය යුතු බවත් හදිසි මැතිවරණ ඉල්ලා සිටින්නේ එම ත්‍රස්තවාදයේ උදව්කරුවන් බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස