ජනාධිපතිවරයාගේ ඇමරිකානු පුරවැසිකම අහෝසි බව තහවුරුයි! අවසන් ලේඛනය මෙන්න!

May 8, 2020 at 8:35 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කිරීම සම්බන්ධ අවසාන ලේඛනය නිකුත්ව ති⁣බේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට පෙර සිය ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කරගත් අතර එලෙස අහෝසි කරගත් අයගේ නම් ඇමරිකාව විටින් විට ප්‍රකාශයට පත් කරයි.

2020 ⁣මැයි මස 8 වෙනි දින නිකුත් වූ ෆෙඩරල් රෙජිස්ටරයෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුළත් වෙයි.

කෙසේ වුවද ජනාධිපතිවරණය සමයේ එජාපය සහ ජවිපෙ දිගින් දිගටම ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීම බොරුවක් බවය.

එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කරගෙන මේ වන විට වසර දෙකක් පමණ ඉක්ම ගොස් ඇති අතර මෙම ලේඛනය සමග විපක්ෂයේ අදාළ චෝදනා පුස්සක් බවට පත්වෙයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස