ගෝඨාට එරෙහිව මාරාන්තික උපවාසයට වාඩි වූ හිමිනම රාත්‍රී ගෙදර වඩිති! උදෑසනම නැවත මාරාන්තික උපවාසයට වඩිති!

November 11, 2019 at 12:41 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට අදාල ලියවිලි ලබා දෙන්නැයි බලකරමින් පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් ඊයේ (10) දහවල් කොළඹ නිදහස් චතුරස්‍රයේ දී අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළේය. ‍

කෙසේ වුවද රාත්‍රීය වන විට එහිමියන් නිදහස් චතුරස්‍රයෙන් අතුරුදන් වූ අතර ඇබිත්තයකු පමණක් එහි රැඳී සිටිනු දැකගත හැකි විය.

අනතුරුව නැවත උදෑසන එහි වැඩම කර අඛණ්ඩ උපවාසය නැවත ආරම්භ කර තිබිණි. මේ අතර එහිමියන් කිසියම් පානයක් වළඳන ආකාරය දැක්වෙන ඡායාරූපයක් ද සමාජමාධ්‍යවල පළ වී තිබේ.

නිදහස් චතුරශ්‍රයේ වාඩිවී සිටින හිමිනම නියෝජනය කරන ශේගීන් නම් නිකායේ ලේඛකාධිකාරී නායක හිමි වන කිරිඹරුවේ ධම්මානන්ද හිමි සදහන් කර ඇත්තේ මේ පිළිබඳ සිය නිකාය දැනුම්වත් කිරීමක් කර නොමැති බවත් මෙය බොරුවක් බව තමන් රට ප්‍රකාශ කරන බවත්ය.

ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉඟුරුවත්තේ සුමංගල හිමි රාත්‍රීයේ නිදහස් චතුරස්‍රයෙන් නැඟිට ගියේ උපවාසයේ ප්‍රගතිය වාර්තා කිරීමට සිරිකොත වෙත බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස