ගෝඨාගේ පුරවැසිභාවය වලංගු නෑ කියන ලෙස ඉල්ලා NGO ලොක්කන් අධිකරණයට!

September 30, 2019 at 2:05 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසිභාවයේ වලංගුතාව අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.

මෙම පෙත්සම ගොනුකර ඇත්තේ සිවිල් සමාජ ක්‍රියාකාරීන් වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ විසිනි.

පෙත්සම්කරුවන් පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ නීත්‍යානුකූල ලෙසට ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබා ගෙන නොමැති බවට නියෝගයක් නිකුත් කරන ලෙසය.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙසට ආගමන විගමන පාලකවරයා, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා සහ රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

මෙම පෙත්සම ඔක්තෝබර් මස 2, 3, 4 යන දිනවල සලකා බැලීමට අභියාචනාධිකරණය අද (30) දින නියම කළේය.

මෙම පෙත්සම පවත්වාගෙන යාමට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කරන බව ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස