ගෝඨා වගේ අශ්වයෙක් එක්ක දුවන්න රනිල් කරූ වගේ බූරුවෝ දාලා වැඩක් නෑ! සජිත් වගේ අශ්වයෙක් දාන්න ඕන! – ඩීඑස්ගේ මුනුබුරා

August 29, 2019 at 4:33 pm | by emanisa.lk

පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කළ හැකි ශක්තිමත්ම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බවත් පොදුජන පෙරමුණේ තේරීම නිවැරදි බවත් රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසයි.

ඊයේ (28) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයෙන්ද ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ යුත්තේ ශක්තිමත්ම අපේක්ෂකයා බව හෙතෙම පැවසීය.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ අශ්වයෙක් සමග රේස් එකක් දිවීමට අශ්වයෙකු මිස බුරුවෙක් දමා පලක් නොමැති බවයි.

වසන්ත සේනානායක සජිත් ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදිය යුතුය යන මතය දරන්නෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස